May 12, 2024

දෙවුන්දරින් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අනතුරට (PHOTOS)

November 14, 2015

දෙවුන්දර ධීවර වරායෙන් පසුගිය 10 වැනි දා ධීවර රැකියාව සඳහා පිට ව ගිය ධීවරයින් සිව් දෙනෙකුගෙන් යුත් 'කුමාර් පුතා 4' බහුදින ධීවර යාත්‍රාව එදින රාත්‍රී 07.00 ට පමණ බුන්දල ප්‍රදේශයට නුදුරින් වූ මුහුදු ප්‍රදේශයේ දී අනතුරට පත් ව තිබේ.

එහෙත් එහි සිටි ධිවරයින් ආරක්ෂිත කබා පැළඳ ගෙන පිහිනා විත් දිවි බේරාගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

පසුව එම ධීවරයින්ගෙන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගයෙන් තිස්සමහාරාම රෝහලට ඇතුළත් කර තිබේ. එහෙත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවූ බැවින් රෝහලෙන් නිදහස් කර යවා තිබේ.

කෙසේ වුව ද අනතුරටපත් ධීවර යාත්‍රාව අද (14) දින අම්බලන්තොට වැලිපටන්විල ධීවර වරායට නුදුරින් කිලෝ මීටර් දෙකක් පමණ මුහුද දෙසින් පාවෙමින් තිබිය දී එම ධීවර වරායේ ධීවරයින් පිරිසකට හමු වී ඇත.

පසුව ඒ සම්බන්ධයෙන් හුංගම පොලීසියට හා අම්බලන්තොට පොලීසියට දැනුම් දුන් බව ධීවරයෝ ප්‍රකාශ කරති .

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 November 2015 14:04