May 12, 2024

පැරිස් ප‍්‍රහාරයත් IS වැඩක්?

November 14, 2015

පැරිස් ප‍්‍රහාර එල්ල කළ පුද්ගලයින් 08 දෙනා IS ත‍්‍රස්ත සාමාජිකයින් බවට සැක කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අල්කයිඩා සංවිධානය හා සම්බන්ධතා ඇති අයිඑස් සංවිධානය මෙම ප‍්‍රහාරය සැළසුම් කරන්නට ඇතැයි අමෙරිකාවේ හා ප‍්‍රංශයේ බුද්ධි අංශ හා ත‍්‍රස්ත කටයුතු පිළිබඳ විශේෂඥයෝ පවසති.

එක්වර කිහිප තැනකට ප‍්‍රහාර එල්ල කිරීම, එකවිට ප‍්‍රහාර එල්ල කිරීම හා ප‍්‍රහාරයට යොදාගෙන ඇති අවි ඊට උදාහරණ ලෙස ඔවුන් පෙන්වා දෙයි.

ප‍්‍රහාරයෙන් පසු අල්කයිඩා හා IS හිතවාදීන් එය සමරමින් සතුට පළකර ඇතැයි ද වාර්තා වේ. කෙසේ වුව ද මේ දක්වාම කිසිවෙක් ප‍්‍රහාරයේ වගකීම භාරගෙන නොමැත.

Rate this item
(0 votes)