May 12, 2024

හඳුනා නොගත් අකාශ වස්තුවක් මාදුරුඔය අහසේ 

November 14, 2015

මාදුරු ඔය ජලාශයට ඉහළ අහසේ ඊයේ (13) රාත්‍රී 08.10 ට පමණ විශාල එළියක් දිස් වනු එම ප්‍රදේශයේ ධීවර ජනතාව සහ ගම්වාසීන් දැක තිබේ.

මාදුරු ඔය ජලාශයේ සිට බලන මහඔය ප්‍රදේශය දෙස අහසින් එම එළිය දිස් වූ බවත් එය විනාඩි 45 ක පමණ කාලයක් පැවති  බවත් ඇසින් දුටුවෝ පවසති.

අරලගන්විල පොලීසිය සහ ගම්වාසීන් එක් ව අද (14) එම ස්ථානයට ගොස් පරීක්ෂණ සිදු කරන බව අප වාර්තාකරු පවසයි.

පොළොන්නරුව - සමීර ධනංජය 

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 November 2015 10:11