May 11, 2024

නිළ ඇඳුම් වවුචරයට ගුරු සංගමයේ විරෝධය

November 14, 2015

පාසල් ළමුන් සඳහා නිල ඇදුම් ලබාදීම වෙනුවට වවුචර් සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය විරෝධය පළ කරයි.  

විධිමත් සැලැස්මක් සහිත ක්‍රමවේදයක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට ඇති නොහැකියාව ප්‍රදර්ශනය කිරීමක් ලෙස මෙය හැඳින්විය හැකි බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

පාසල් නිල ඇඳුම් නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතියේ ප්‍රමුඛ කරුණු හඳුනාගෙන පාසල් දරුවන්ට ප්‍රමිතියෙන් යුතු සුදුසු නිල ඇඳුම් රෙදි ලබාදීමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය රජයෙන් ඉල්ලයි. 

එමෙන්ම අමාත්‍යාංශයේ මෙම තීරණය තුළ නිල ඇදුම් රෙදි ලබාදීම සම්පූර්ණයෙන් කප්පාදු කිරීමේ සැලැස්මක් ඇති බවට බරපතළ සැකයක් ද මතුවන බව ද ඔහු පවසයි.

 

Rate this item
(0 votes)