May 12, 2024

පැරීසියට ත්‍රස්ත ප්‍රහාර මාලාවක් - 120ක් මරුට

November 14, 2015

ප්‍රංශයේ පැරිස් අගනුවරට ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ‍.

මෙම ප්‍රහාරවලින් 150කට අධික පිරිසක් මියගොස් ඇති අතර ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන් ද 7 දෙනෙකු පමණ ආරක්ෂක අංශ අතින් මරුමුවට පත්ව ඇති බව වාර්තා වේ.

පැරිස් නුවර පිහිටි අවන්හල්, රඟහලක් සහ පාපන්දු පිටියක් මෙම ප්‍රහාරවල ඉලක්ක වී තිබේ.

අදාළ පාපන්දු පිටියේ පැවැති තරගය නැරඹීම සඳහා ප්‍රංශ අගමැති ද සහභාගී වී ඇති අවස්ථාවක මෙම ප්‍රහාරය සිදුව ඇති අග්‍රාමාත්‍යවරයාට ප්‍රහාරවලින් කිසිදු අනතුරක් සිදු වී නොමැත.

ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන් විසින් සාමාන්‍ය වැසියන් බොහෝ දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිට ඇති අතර ඔවුන් මුදාගැනීමේ කටයුතු සඳහා ආරක්ෂක අංශ මැදිහත් වී තිබේ.

ප්‍රංශ වැසියන්ට තම නිවෙස්වලටම වී සිටින ලෙස ආරක්ෂක අංශ උපදෙස් දී ඇති අතර 1,500ක පමණ ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් යොදවා ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)