May 11, 2024

ආකාශ වස්තුව ගුවන් යානයක සිට නිරීක්ෂණය කළේ මෙහෙමයි (VIDEO)

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු ප්‍රදේශයට කඩාවැටීමට නියමිත බවට ප්‍රකාශ කර තිබූ WT1190F ආකාශ වස්තුව පෘතුවි පෘෂ්ඨයේ ගැටීම සිදු නොවී උඩුගුවනේ දීම දැවී විනාශ වී යාම ඊයේ දින (13) සිදු විය.

ආකාශ වස්තුවක් පෘතුවියේ වායුගෝලයට ඇතුළු වනවාත් සමගම එය අධික උෂ්ණත්වයකට පත් වී ගිණි ගැනීමට ලක් වන අතර ඊයේ ගොඩබිම සිටි නිරීක්ෂකයින්ට WT1190F ආකාශ වස්තුවේ පතිත වීම පිළිබඳ කිසිවක් දර්ශණය නොවිණි.

වලාකුළින් බර අහස සහ අපේක්ෂා කළාට වඩා ඉක්මනින් ආකාශ වස්තුව දැවීයාම නිසා එය ගොඩබිම සිට නිරීක්ෂණය කිරීමට හැකි නොවූ නමුත් ඊයේ දින උඩුගුවනේ පියාසර කළ ගුවන් යානයක රැඳී සිටි විද්‍යාඥයින් පිරිසකට එය නිරීක්ෂණය කිරීමට හැකි වී තිබේ.

කෙසේ වෙතත් WT1190F ආකාශ වස්තුවේ බව කියන ව්‍යාජ වීඩියෝපට රැසක් අන්තර්ජාලයේ සංසරණය වන අතර ඊයේ දින ශ්‍රී ලංකාවට ඉහල අහසේ රැඳී සිටි විද්‍යාඥයින් ලබාගත් සැබෑ ඡායාරූප සහ වීඩියෝ පහතින් නරඹන්න.

සබැඳි පුවත්

ආකාශ වස්තුව උඩුගුවනේදීම දැවී විනාශ වේ
ආකාශ වස්තුව ගැන රෝහිත රාජපක්ෂගේ Facebook අනාවැකිය මෙන්න

<<< වීඩියෝව පහතින් >>>

Rate this item
(6 votes)
Last modified on Saturday, 14 November 2015 02:18