May 12, 2024

ආකාශ වස්තුව නොවැටුනත් නිවැරදි මාර්ගයේ ඇවිත් 

November 13, 2015

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයට සැතපුම් 62 ක් පමණ ඔබ්බෙන් පිහිටි සාගර කලාපය වෙත කඩා වැටීමට නියමිත ව තිබූ ආකාශ වස්තුව දර්ශනය නොවුනත් එය නිශ්චිත ගමන් මාර්ගයේ පැමිණ ඇති බව ආතර් සී කලාක් මධ්‍යස්ථානය පවසයි.

අද (13) WT1109F ලෙසින් නම් කර ඇති මෙම  ආකාශ වස්තුව පෙරවරු 11.59ට පමණ පෘථිවි වායු ගෝලය වෙත ඇතුළුවනු ඇතැයි නාසා ආයතනය ඇතුළු ඒ පිළිබඳ විශේෂඥයෝ පවසා තිබිණ. 

WT1109F ලෙසින් නම් කර ඇති මේ ආකාශ වස්තුව ඇතැම් විට අමෙරිකාවේ නාසා ආයතනයේ ඇපොලෝ මෙහෙයුමක් සඳහා යොදා ගෙන පසු ව අත්හැර දැමුණු රොකට්ටුවක කොටසක් බව සඳහන් වේ.

අඩි 07 ක් පමණ විශාලත්වයෙන් යුත් මෙම ආකාශ වස්තුවේ සැබෑ ස්කන්ධය මෙතෙක් ගණනය කර නොමැති අතර, එය වායු ගෝලයට ඇතුළු වුණු මොහොතේදීම ගිණි ගැනීමකට ලක්වන්නට ඇතැයි විද්‍යාඥයෝ පවසා සිටියහ.

කෙසේ නමුත් WT1109F ආකාශ වස්තුව කඩා වැටෙතියි සැක කළ දකුණු වෙරළ තිරයේ තංගල්ල නාවික මුහුදු තීරය තුළ ආතර් සී ක්ලාක්   මධ්‍යස්ථානය මගින් නිරීක්ෂණ කඳවුරු මධ්‍යස්ථානයක් ද සකසා ගනිමින් එය කඩා වැටීම නිරීක්ෂණය කිරීමට කටයුතු යොදා තිබිණ.

එහෙත් WT1109F ආකාශ වස්තුව පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට බැරි වුව ද වෙනම විශේෂ ගුවන් යානයකින් එම අකාශ වස්තුව පෘථිවියට පැමිණීම නිරීක්ෂණය කර තිබෙන බවත් එහිදී වායු ගෝලයට ඇතුළු වී පිළිස්සුණු බවත් ඔවුන් සනාථ  කර තිබේ.

නමුත් තවම එය විද්‍යත්මක ව තහවුරු කර ගැනීමට නොහැකි වූ බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ චින්තන විජේවර්ධන මහතා පවසයි.

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

Rate this item
(0 votes)
Last modified on Friday, 13 November 2015 17:29