May 12, 2024

ඇමති සුසිල් යුනෙස්කෝ විද්‍යා සමුළුවට

November 13, 2015

38 වැනි යුනෙස්කෝ සමුළුව යටතේ යුනෙස්කෝ විද්‍යා සමුළුව නොවැම්බර් මස 09 සිට 10 දක්වා ප‍්‍රංශයේ පැරිස් නුවර පිහිටි යුනෙස්කෝ සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත් විය.

එම සමුළුව සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා සහභාගී විය.

ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනුරාධා ඉලේපෙරුම යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. ශ‍්‍රී ලංකාව තුළ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත‍්‍රයන්හි ඉදිරි ඉලක්කයන් සපුරා ගැනීමට මෙම සමුළුව මනා පිටුවහලක්වනු ඇතැයි අමාත්‍යංශය අපේක්ෂා කරයි.   

Rate this item
(0 votes)