May 12, 2024

උතුරේ හර්තාල් නිසා ජන ජීවිතය අඩාලයි

November 13, 2015

උතුරු පළාත තුළ අද (13) ක්‍රියාත්මක වූ හර්තාල් ව්‍යාපාරයක් හේතුවෙන් ජන ජීවිතය මුලුමනින් ම අඩාල වී ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

බන්ධනාගාරවල සිටින LTTE සැකකරුවන් සියලු දෙනා කොන්දේසි විරහිත ව නිදහස් කරන ලෙස ඉල්ලා උතුරේ ස්වෙච්ඡා සංවිධාන කිහිපයක් විසින් මෙම හර්තාල් ව්‍යාපාරය දියත් කර තිබිණ.

උතුරු ප්‍රදේශයේ සියලු වෙළෙඳසැල් වසා දමා තිබූ අතර ගමනාගමන කටයුතු මුලුමනින් ම පාහේ අඩාල වී ඇත. රජයේ පාසල්වලට සිසුන් නොපැමිණීම හේතුවෙන් පාසල් වැසී ගිය තත්ත්වයක් දක්නට ලැබුණු බව අප වාර්තාකරු සඳහන් කරයි.

එසේ ම රජයේ කාර්යාල සහ බැංකු ක්‍රියාත්මක වුව ද ගමනාගමන පහසුකම් නොමැති හෙයින් සේවකයින් පැමිණ ඇත්තේ අඩු ප්‍රමාණයකි.

දිනසේන රතුගමගේ

Rate this item
(0 votes)