May 10, 2024

ආකාශ වස්තුව සුළු වේලාවකින් කඩාවැටේ - ගාල්ල මුහුදේ අවදානම් කලාපයක් (VIDEO)

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු ප්‍රදේශයට තවත් පැය කිහිපයකින් කඩාවැටීමට නියමිත බවට ප්‍රකාශ කර ඇති ආකාශ වස්තුව හේතුවෙන් එම මුහුදු ප‍්‍රදේශය සහ ඒ ආශි‍්‍රත ගුවන් ප‍්‍රදේශය අවදානම් කලාපයක් ලෙස නම් කිරිමට තීරණය කර තිබේ.

ධිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ක්‍රිෂ්ටි ලාල් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ ගාල්ලේ සිට කිලෝමිටර් 65 ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයට අදාළ අභ්‍යවකාශ වස්තුව පතිතවනු ඇති බවට නිගමනය කර ඇති බවයි.

මෙම මුහුදු ප‍්‍රදේශයේ ධීවර කටයුතුවලින් වළකින්නැයි සියලු ධීවරයින් දැනුවත් කර ඇති බව ධීවර සහ ජලඡ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.

WT 1190 F ලෙස නම් කර ඇති මෙම අභ්‍යවකාශ වස්තුව අද පෙරවරු 11.50 ට පමණ මුහුදට වැටෙනු ඇති බවට විද්‍යාඥයින් අනාවරණය කරගෙන ඇති අතර එය අභ්‍යවකාශයට යවන ලද යානයක කැබැල්ලක් විය හැකි බවට සැලකේ.

පෘථිවි වායුගෝලයට එය ඇතුළුවිමෙන් පසු ගිනි ගෙන දැවි යාමේ ඉඩකඩ ද පවතින නමුත් එම අභ්‍යවකාශ වස්තුව පතිතවන ආකාරය පියවි ඇසින් දැක ගත හැකි වනු බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දන ජයරත්න මහතා කියා සිටියි.

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය අදාළ අභ්‍යවකාශ වස්තුව නිරික්ෂණය සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

වීඩියෝව පහතින්.

Rate this item
(2 votes)
Last modified on Friday, 13 November 2015 12:16