May 08, 2024

තැපැල් සේවකයෝ අද ලෙඩවෙයි

November 13, 2015

තැපෑල රැක ගැනීම සඳහා ප්‍රධාන ඉල්ලීම් 14 ක්‌ මුල් කරගෙන ඊයේ (12) මධ්‍යම රාත්‍රි 12.00 සිට සියලු තැපැල් සේවකයන් අසනීප නිවාඩු වාර්තා කොට රාජකාරි කටයුතුවලින් ඉවත් වූ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පවසයි.

අද (13දා) පෙ.ව.10.00 ට තැපැල් මූලස්‌ථානය ඉදිරිපිට දී තැපැල් සේවකයන් දහසකගේ සහභාගිත්වයෙන් සත්‍යග්‍රහයක්‌ පැවැත්වීමට තීරණය කර තිබේ.

ඉන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය දක්‌වා පෙළපාලියෙන් ගොස්‌ ජනාධිපතිවරයා වෙත සංදේශයක්‌ භාරදීමට ද කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)