May 08, 2024

වැඩබලන අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් පත් කෙරේ 

November 12, 2015

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (12) දිවුරුම් දුන්නේ ය. 

ජනාධිපති කාර්යාලයේ දී මෙම දිවුරුම්දීම සිදු වූ අතර එම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද සහභාගි විය.

අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මහතා විදේශ ගතවීම හේතුවෙන් අදාළ පත්වීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

Rate this item
(0 votes)