May 20, 2024

උතුරු - නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් 

November 12, 2015

එළැඹෙන 13 වැනි දා දිනයේ උතුරු - නැගෙනහිර පළාත්හි සියලු වෙළඳසැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කිරීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පවසයි.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදස් කරන ලෙසට රජයට බලපෑම් කිරීම උදෙසා උතුරු නැගෙනහිර සියලු වෙළඳසැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට දෙමළ ජාතික සන්ධානය සුදානම් කර ඇති බව හෙතෙම කියා සිටී.

දෙමළ දේශපාලන සිරකරුවන් දීපවාලි දිනයට පෙර නිදහස් කිරීමට කටයුතු කරන බවට මෙම දෙමළ දේශපාලන සිරකරුවන් බන්ධනාගාරගත ව උපවාසයක් ආරම්භ කළ අවස්ථාවේ දී  පාලකයින් පැවසූ බව අඩෙක්කලනාදන් මහතා සඳහන් කළේ ය.

රජය ලබාදුන් අදාළ පොරොන්දුව ඉෂ්ට නොකිරීමට විරුද්ධව හර්තාල් ව්‍යාපාරය පැවැත්වීමට නියමිත අතර උතුරු නැගෙනහිර පළාත් වෙළඳ සංගම්, ති‍්‍රරෝද රථ සංගම්, සියල්ල හර්තාල් ව්‍යාපාරය වෙනුවෙන් සහයෝගය පළ කිරීමට කැමැත්ත පළ කර ඇති බව ද වාර්තා වේ.

Rate this item
(0 votes)