May 20, 2024

එල්ටීටීඊ සැකකරුවන් 31 ක් නිදහස්

November 11, 2015

බන්ධනාගාර ගත ව සිටි එල්ටීටීඊ සැකකරුවන් 31 දෙනෙකුට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) නියෝග කරනු ලැබී ය.

ඔවුන් එක් අයෙකුට රුපියල් මිලියන 10 ක ශරීර ඇප 02ක් මත නිදහස් කර තිබේ. තව ද ඔවුන්ට විදේශ ගමන් තහනම් කළ අතර ස්ථිර පදිංචිය තහවුරු කරන ලෙසත්, සති 02 කට වරක් කොළඹ හෝ වව්නියාවේ ත්‍රස්ත විමර්ශන ඒකකයට වාර්තා කරන ලෙසත් නියම කරන ලදී.

ඇප කොන්දේසි කඩ කළහොත් ඇප අවලංගුවන බවට අධිකරණය දන්වා සිටියේ ය. ඔවුන්ගේ නඩු 2016 වසරේ ජනවාරි 27 වැනි දා කැඳවීමට නියම කෙරිණි.

අද පෙරවරුවේ මෙම පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඇප ලබාදීම ප්‍රතික්ෂේප විය. ඊට හේතු වූවේ අද පෙරවරුව වනවිට ඇප ලබාදීම සඳහා නීතිපතිගෙන් උපදෙස් නොලැබී තිබීමයි.

Rate this item
(1 Vote)