May 20, 2024

රැගෙන ආ බෝම්බය පිපිරීමෙන් බැංකු කොල්ලකරු සහ ආරක්ෂකයා මරුට

November 11, 2015

කැකිරාව නගරයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට අද (11) සිදු වූ පිපිරීමකින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

අත් බෝම්බයක් රැගත් පුද්ගලයෙකු බැංකුව කොල්ලකෑම සඳහා ඊට ඇතුළුවීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ දී ඔහු නැවැත්වීමට බැංකුවේ ආරක්ෂක නිලධාරියෙකු උත්සාහ කර තිබේ.

එහි දී මෙම පිපිරීම සිදු ව ඇති අතර අත් බෝම්බය රැගත් පුද්ගලයා මෙන්ම ආරක්ෂක නිලධාරියා ද පිපිරීමෙන් මියගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි. තුවාලකරුවන් කැකිරාව රෝහලේ ප්‍රතිකාර ලබයි.

Rate this item
(0 votes)