May 20, 2024

අයියා මල්ලීව පාසල් ගෙන යද්දී සිදු වූ අනතුරින් දෙදෙනාම මරුට (PHOTOS)

November 11, 2015

හම්බන්තොට, පහළ අන්දරවැව මත්තල ගුවන්තොටුපොළ හංදියේ දී අද (11) පෙරවරුවේ ටිපර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනා මරණයට පත් ව තිබේ.

හම්බන්තොට පහළ අන්දර වැව ප්‍රදේශයේම පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකුවන 24 හැවිරිදි සුපුන් සමීර සහ 17 හැවිරිදි කි‍්‍රෂාන් නයනජිත් නමැති දෙදෙනා මෙලෙස මිය ගොස් ඇත.

හම්බන්තොට සුචි ජාතික පාසලේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම සොහොයුරාහට පාසලට යාම සඳහා බස් රථය මග හැරීම වළක්වාලීම සඳහා ඔහු මත්තල ගුවන්තොටුපොළ මංසන්දියට ඇරලවීම සඳහා පැමිණෙමින් සිටිය දී මෙම අනතුර සිදු වී තිබේ.

හම්බන්තොට දෙස සිට මත්තල ප්‍රදේශයට යමින් තිබූ ටිපර් රථය මංසන්දියේ දී හැරවීමත් සමග සුරියවැව දෙසින් පැමිණි යතුරු පැදිය එහි බඳේ වැදීමෙන් එම අනතුර සිදු ව ඇත.  

ටිපර් රථය මාතර ප්‍රදේශයට අයත් එකක්වන අතර ටිපර් රථයේ රියැදුරු හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෘත ශරීර හම්බන්තොට මහ රෝහලේ තැන්පත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හම්බන්තොට පොලීසිය විසින් සිදු කරයි.

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 November 2015 12:57