May 20, 2024

ලංකාව, අනුන්ට උපකාර කිරීමේ දර්ශකයේ 8වෙනි තැනට

November 11, 2015

2015 වසරේ අන්‍යයන්ට උපකාර කිරීමේ ලෝක දර්ශකයේ 8 වැනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

බ්‍රිතාන්‍යයේ සහන සේවා ආයතනයක් විසින් රටවල් 145ක් යොදා ගනිමින් වාර්ෂිකව සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවට 08 වැනි ස්ථානයට පත්ව ඇත. මෙම දර්ශකයේ පසුගිය ව‍සරේදී ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 9 වැනි ස්ථානයයි.

උපකාර අවශ්‍ය පුද්ගලයින් සඳහා මුදල් පරිත්‍යාග කිරීම්, ස්වෙච්ඡා සේවාවන් ලබාදීම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් අදාළ දර්ශකය සකස් කර ඇත. ඒ අනුව අන්‍යයන්ට උපකාර කිරීමේ දර්ශකයේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ මියන්මාරය යි.

දෙවන ස්ථානයට ඇමරිකාව පත්ව ඇති අතර තෙවැනි ස්ථානය හිමිව ඇත්තේ නවසීලන්තයටයි. අසල්වැසි ඉන්දියාව අන්‍යයන්ට උපකාර කිරීමේ දර්ශකයේ 106 වන ස්ථානයටත්, පාකිස්ථානය 94 වන ස්ථානයටත්, ඇෆ්ගනිස්ථානය 84 වන ස්ථානයටත් පත්ව ඇති බව සඳහන්ය.

ලොව ආර්ථික බලවතුන් ලෙස සැලකෙන “ජී - 20“ රටවල් අතරින් අන්‍යයන්ට උපකාර කිරීමේ දර්ශකයේ පළමු 20  අතරට පැමිණ ඇත්තේ රටවල් 5ක් පමණි.

Rate this item
(0 votes)