May 20, 2024

නවතා තිබෙන වාහනවලින් සල්ලි ගැනීමට නව මීටරයක්

November 10, 2015

කොළඹට ඇතුලු වී නවතා තබන වාහනවලින් මුදල් අයකර ගැනීමට නව ඉලෙක්ට්‍රොනික් මීටර් ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

මෙහි නියමු ව්‍යාපෘතියට අනුව ඩුප්ලිකේෂන් මාර්ගය ගාල්ල මාර්ගය සහ එම මාර්ග සම්බන්ධවන අතුරු මාර්ග තුළ මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ. 

මෙහි පළමු අදියර යටතේ ඉලෙක්ට්‍රොනික් මීටර්  125 ක් ලබාදීමට නියමිත ය.

නවතා තැබීමේ ගාස්තු ගෙවීමේ දී කාඩ්පතකින් හෝ මුදල් මගින් ගෙවීමට හැකිවීම මින් ජනතාවට ලැබෙන එක් වාසියක්.

අදාළ ව්‍යාපෘතිය කොළඹ මහනගර සභාව විසින් පෞද්ගලික සමාගමකට ලබා දී ඇති අතර ඉන් ලැබෙන ලාභයෙන් 60% ක් අදාළ පෞද්ගලික සමාගමට සහ 40% ක් කොළඹ මහ නගර සභාවට හිමිවනු ඇති.

මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා මාස 06 ක් පමණ ගත වෙනු ඇති බව ද කොළඹ මහ නගර සභාව පවසයි.

Rate this item
(0 votes)