May 20, 2024

සෝභිත හිමිගේ චරිතාපදානය ලබන වසරේ සිට පාසල්වලට 

November 10, 2015

සෝභිත හිමියන්ගේ චරිතප්‍රදානය ඇතුළත් ග්‍රන්ථයක් ඉදිරි වසර තුළ දිවයිනේ සියලු පාසල්වල ලබාදීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසූවේ කොළඹ අද (10) පැවැති මාධ්‍ය හමුවක දී ය.

මේ අතර, මේ වනවිටත් සෝභිත හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල ජනතාවක් කෝට්ටේ ශ්‍රී නාග විහාරයට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

සෝභිත හිමියන් අධ්‍යාපනය ලැබූ පාදුක්ක - මාදුළුවාව මහ විද්‍යාලයේ සිසුන් සහ ආචාර්ය මණ්ඩලය පැමිණ අද උන්වහන්සේට අවසන් ගෞරව දක්වා තිබේ.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අභාවය රටටත්, ජනතාවටත් පිරිමැසිය නොහැකි පාඩුවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් ශෝක පණිවුඩයක් නිකුත් කර ඇත.

සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන 12 වැනි දා ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ සියලු පාසල්වලට නිවාඩු ලබා දී තිබේ. අදාළ පාසල්වල 10 සහ 11 ශ්‍රේණි හැර අනෙක් පන්ති සඳහා මෙම නිවාඩු ලබාදීම සිදුකර ඇති බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)