May 20, 2024

අඩු ආදායම්ලාභීන්ට විදුලිය ගන්න ණයක්

November 10, 2015

අඩු ආදායම්ලාභීන්ට විදුලි බලය ලබා ගැනීම සඳහා සමෘද්ධි අධිකාරිය එක් ව රුපියල් 40,000 ක ණයක් ලබා දීමට පියවර ගත් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

නිවස අසලටම විදුලි කණු ඇතත් විදුලිය ලබාගත නොහැකි 1,75,000 ක් පමණ වූ පවුල් සඳා විදුලිය ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

මේ වනවිට ජනතාවගෙන් 98%කට විදුලිය පහසුකම් ලබා දී ඇති බවත් තිස් අවුරුදු යුද්ධයක් තිබූ රටක් වූ ශ්‍රී ලංකාව මෙසේ විදුලි බලය ලබාදීම අතින් පෙරමුණේ සිටින බවත් විදුලි බල මණ්ඩලය පවසයි.

Rate this item
(0 votes)