May 20, 2024

LTTE සැකකරුවන් පිරිසක් හෙට නිදහස්

November 10, 2015

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් පිරිසක් හෙට (11) ඇප මත නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මූලික අදියරේ දී සැකකරුවන් 30 දෙනෙකුට ඇප ලබා දීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසුවේ ය.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එල්.ටී.ටී.ඊ. රැඳවියන් 146 දෙනෙකු ආරම්භ කළ උපවාසය තවදුරටත් ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළේ ය.

Rate this item
(0 votes)