May 20, 2024

ටිපර් රථයට යට වූ තිදරු පියාගේ ඛේදවාචකය (PHOTOS)

November 10, 2015

දඹුල්ල ගලේවෙල මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේ දී අද (10) පෙරවරුවේ වැලි පැට වූ ටිපර් රථ රියැදුරෙකුට නින්ද යෑම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ පා පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් යට වී එම ස්ථානයේ ම මිය ගොස් තිබේ.

තලකිරියාගම පදිංචි කම්කරුවෙකු වූ ඒ. සෙල්වරාජු නමැති 34 හැවිරිදි තිදරු පියෙක් මෙලෙස මිය ගොස් තිබේ. රියැදුරා ගලේවෙල පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය පුද්ගලයා පදිංචි ව සිටි නිවස කටු මැටියෙන් තැනූ කුඩා නිවසක් බවත් එහි අවමංගල කටයුතු පවා සිදු කිරීමට නොහැකි බවත් අප වාර්තාකරු පවසයි.

කාංචන කුමාර ආරියදාස 

 

 

 

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 10 November 2015 11:15