May 20, 2024

ඉල්ලා අස් වූ මාරපන කී කතාව (VIDEO)

අද දවසේ මේ මොහොතවනතුරුත් ඇවන්ට්ගාඩ් නෞකාවේ රාජකාරි කටයුතු සිදුවන බව තමන් වගකීමෙන් යුතුව කියා සිටින බව හිටපු නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි.

දිනකට 30 වතාවක් පමණ මෙම නෞකාවෙන් නාවික හමුදා හා රක්නා ලක්නා සමාගමේ අය මෙම නෞකාවෙන් අවි රැගෙන බෝට්ටුවල ආධාරයෙන් රැගෙන යන බවත්, නැවත රැගෙන එන බවත්, එම කටයුත්ත මේ මොහොතෙත් සිදුවන බවත් ඔහු කියා සිටියේ ය.

හෙහෙම මේ බව පැවසූවේ ඊයේ (09) ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවේ දී ය.

ගාල්ල වරායේ පොලීසිය පවතින්නේ මෙම නැවට මීටර් 100 ක් පමණ දුරින් නිසා මේ මෑත කාලය වනතෙක් ඔවුන් මෙය නොදැක්කා යයි සිතීම සැක සහිත බැවින්, මෙය හදිසියේ වටලා ලකුණු දා ගත්තාදැයි සිතෙන බව ඔහු සඳහන් කළේ ය.

තමාට දිගට හරහට මඩ ගැසීමට මාධ්‍ය මගින් ක්‍රියා කළ බැවින්, මඩ ගා ගැනීමට අකමැතිව ඉල්ලා අස්වීමට තීරණය කළ බවත්, මාධ්‍ය විසින් එවැනි මඩගැසීම් නොකළ යුතු බවත් හෙතෙම කියා සිටියේ ය.

පරීක්ෂණවලට බාධාවක් නොවන පරිදි ඉල්ලා අස්වීමෙන් පරීක්ෂණ මගින් තහවුරුවන කාරණා සම්බන්ධයෙන් ජනතාව තුළ පිළිගැනීමක් ඇතිවන බව මාරපන මහතා අවධාරණය කළේ ය.

සම්පූර්ණ කතාවේ වීඩියෝව පහතින් 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 10 November 2015 10:31