May 20, 2024

බලු කූඩුවේ දැමූ 73 වියැති පියා මරුට

November 10, 2015

මහනුවර, බලගොල්ල, කෙන්ගල්ල ප්‍රදේශයේ නිවසක සුනඛ කූඩුවක රඳවා සිටියදී සොයා ගනු ලැබූ වයස් ගත පුද්ගලයා මිය ගොස් ඇති බව වාර්තා වේ.

මහනුවර මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිය දි මියගිය එම පුද්ගලයා සිය දියණිය විසින් සුනඛ කූඩුවක රඳවා තිබියදී සොයාගත්තේය.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් දියණිය රක්ෂිත බන්ධනාගාර ගත කිරිමෙන් අනතුරුව පසුගියදා ඇප මුදා හැරුණු අතර පොලිස් භාරයට ගැනුණු 73 හැවිරිදි  වයස්ගත පුද්ගලයා වැඩිහිටි නිවාසයක රඳවා තැබීමට පියවර ගැණුනි.

එහි දී ආහාර නොගැනීම හේතුවෙන් ඔහු රෝගී වූ බව සඳහන්ය. 

ඒ අනුව එම පුද්ගලයා  ප්‍රතිකාර සඳහා යළි මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමට බලධාරින් පියවර ගෙන තිබිණ.

Rate this item
(1 Vote)