May 18, 2024

වෙලේ සුදාගේ නංගිගේ රියේ රහස්‍ය තැනකින් හෙරොයින් මතුවෙයි (VIDEO)

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැණුනු වෙලේ සුදාගේ නැගණිය ගමන් ගත් මෝටර් රථයේ තිබී තවත් හෙරොයින් ග්‍රෑම් 100 කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. 

මෝටර් රථය රහස්‍ය තැනක මෙම හෙරොයින් තොගය සඟවා තිබියදී සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසී ය. 

හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 520 ක් සමඟින් පසුගිය 21 වනදා බොරැල්ල ප්‍රදේශයේදී වෙලේ සුදාගේ බාල සොහොයුරිය වන ගම්පලවිදානගේ දිලිනි නිල්මිණි අත්අඩංගුවට ගැණිනි. පසුගියදා හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවකට වරදකරු වූ ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළේය.  

Rate this item
(0 votes)
Last modified on Monday, 26 October 2015 09:31