May 18, 2024

පොලිස් ආචාර ධර්ම පද්ධතියත් වෙනස් වෙයි

පොලිස් නිලධාරින් සඳහා පවතින ආචාරධර්ම පද්ධතිය සංශෝධනය කිරිම පිළිබඳ ජාතික පොලිස් කොමිසන් සභාවේ අවධානය යොමු ව තිබේ.

දැනට පවතින ආචාරධර්ම පද්ධතිය තුළ ඇති අඩුපාඩු හඳුනාගෙන රාජකාරියට ප්‍රයෝගිකව ගලපා ගත හැකි  ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාව පවතින බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කරයි.

අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරන ක්ෂේත්‍රයන්හි පුද්ගලයන් සහ සිවිල් ආරක්ෂක කමිටු ශක්තිමත් කිරීම  කෙරෙහි ද පොලිස් කොමිසමේ අවධානය යොමු ව තිබේ.

සමාජය තුළ සිදුවන අපරාධ අවම කිරිමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ග  ගන්නා බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේ ය.

 

Rate this item
(1 Vote)