May 18, 2024

සෙංකෝලය උස්‌සමින් සමහරු දර්ශන දානවා - ඇමති නිමල් කියයි 

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෙංකෝලය උස්‌සාගෙන යමින් පාර්ලිමේන්තුවේ සංදර්ශන පවත්වන බවත් සංදර්ශනවලින් ජනතාව සන්තර්පණය කළ නොහැකි බවත් ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ජනතාවට සේවය කිරීමට එක්‌වූවා මිස තමා යූඑන්පී එකට මුක්‌කු ගසන්නට ගියේ නැතැයිද ඇමැතිවරයා බදුල්ල කඳන සිරි සීවලී විද්‍යාලයේ පැවැති පිළිගැනීමේ උත්සවයකදී පැවසී ය.

මෙය සම්මුතිවාදී ආණ්‌ඩුවක්‌ බවත් ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයින් ගැන පමණක්‌ සිතා කටයුතු කළ නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.

තුට්‌ටු දෙකේ වැඩක්‌වත් නොකළ මන්ත්‍රීවරුන්ට ඡන්දය දී ජනතාව හොඳ පාඩමක්‌ ඉගෙන ගෙන තිබෙන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ සංවර්ධන ක්‍රියාදාමය ශක්‌තිමත් කරමින් ජනතාවටත්, පාක්‍ෂිකයාටත් රටටත් වැඩ කිමට කටයුතු කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

Rate this item
(0 votes)