May 04, 2024

කෝප් කමිටුවේ සාමාජිකයන් නම් කරයි

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව සඳහා සාමාජිකයන් 12 දෙනෙකු පත් කර තිබේ. 

ඒ සඳහා පක්ෂ විපක්ෂ දෙපාර්ශවයෙන්ම මැති ඇමතිවරුන් පත් කර තිබේ. 

ඒ අනුව කෝප් කමිටුව සඳහා අනුර ප්‍රියදර්ශන යාපා, වසන්ත අළුවිහාරේ, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, රංජන් රාමනායක, අශෝක අබේසිංහ යන අමාත්‍යවරුන්ද ,චන්ද්‍රසිරි ගජධීර, සුනිල් හදුන්නෙත්ති, බිමල් රත්නායක, එම්.ඒ. සුමන්දිරන් සහ ඥානමුත්තු ශ්‍රී නිවාසන් යන මන්ත්‍රීවරුන්ද  පත් කර ඇත. කෙසේවෙතත් කෝප් කම්ටුව සඳහා සභාපතිවරයකු මෙතෙක් පත්කර නොමැත.

 

 

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 25 October 2015 08:32