May 04, 2024

කරාටේ ශූරයා රාත්‍රී සමාජ ශාලාවකදී ඝාතනය කෙරේ

අනුරාධපුර රාත්‍රී සමාජ ශාලාවකට කඩා වැදුණු නාදුනන පිරිසක් එහි හිමිකරු වන කරාටේ ශූරයෙකු වන වසන්ත සොයිසා මහතා තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබේ.‍

පුද්ගලයින් 20 දෙනෙකු පමණ මෙම පහරදීමට සම්බන්ධ බව පොලිසිය පවසයි.

වසන්ත සොයිසා මහතාට අයත් බව කියන එම රාත්‍රී සමාජ ශාලාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාජ ශාලාවක් බවද පැවසෙන අතර එම රාත්‍රී සමාජ ශාලාවට අදාළව අධිකරණයේ නඩු විභාගවෙමින් තිබේ.

අනුරාධපුර, මුදිතා මාවතේ පිහිටි එම රාත්‍රී සමාජ ශාලාවට ඊයේ (24) රාත්‍රී 11.45ට පමණ ඇතුළු වූ 20 දෙනෙකු පමණ අදාළ පුද්ගලයාට පහරදී ඇති අතර කැපුම් තුවාල ලැබූ කළමනාකරු අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

සේවකයින් තිදෙනෙකුද මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

වසන්ත සොයිසා මහතා අවස්ථා කිහිපයකදීම විවිධ වාර්තා තබමින් දක්ෂතා දැක්වු කරාටේ ශිල්පියෙකි.

කිසිවකු මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැති අතර මීට පෙරද පොලිස් නිලධරයකු බව කියන පුද්ගලයකු සාදයකට සහභාගීවී සිටියදී මියගිය බව කියති.

 

Rate this item
(1 Vote)