May 04, 2024

පොලීසියට එරෙහි පැමිණිලි 120 ක්  

පොලීසිය සම්බන්ධයෙන් ලැබූ පැමිණිලි 120 ක් සඳහා විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.

පොලීසිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, පක්ෂපාත වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.

ලේකම්, ජාතික පොලිස් කොමිෂන් සභාව, අංක 9 ගොඩනැගිල්ල, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය, කොළඹ 07 ලිපිනයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි වේ. 

පොලිස් කොමිසම සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විතයි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරී හෙට්ටිගේ මහතා එහි සභාපතිත්වන අතර ෆ්‍රෑන්ක්ද සිල්වා, තිලක් කොල්ලුරේ, ඇන්ටන් ජෙයනාදන්, එම්.පී.එච්. මනතුංග, වයි.එල්.එම්.සවාහීර් සහ සාවිත්‍රි විජේසේකර යන මහත්ම මහත්මීන් පොලිස් කොමිශන් සභාවේ සෙසු සාමාජික සාමාජිකාවන් වෙති.

Rate this item
(0 votes)
Last modified on Saturday, 24 October 2015 12:41