May 03, 2024

ආගම මුල්කරගෙන ද්වේශසහගත කතාවලට තිත! - දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට

දණ්ඩ නීති සංග්‍රහයට යෝග්‍ය සංශෝධන සිදු කිරීම රජය තීරණය කර තිබේ.

ජනවාර්ගිකත්වය සහ ආගම පදනම් කරගනිමින් භේද ඇති කර මහජනයා ප්‍රකෝප කරවීම හා දැඩි ආගමික මතවාද මත පදනම් වූ ද්වේශසහගත වචන භාවිතය සහ ඒ ආශ්‍රිත මුද්‍රිත පත්‍රිකා ආදිය පසුගිය කාලය තුළ ජනවර්ග හා ආගමික කොටස් අතර අසමඟිය ඇති කිරීමට හේතු වූ බව පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයට අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවේ සඳහන් වේ.

එම චර්යාවන් පාලනය කිරීම පිණිස නීති පැනවිය යුතු බවටත්, එකී නීති දැඩිලෙස බලගැන්විය යුතු බවටත් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම(LLRC) නිර්දේශ කර ඇත. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයට යෝග්‍ය සංශෝධන සිදු කිරීම පිණිස අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Rate this item
(0 votes)