May 04, 2024

මෙවර ජාතික සුරක්ෂිත දින සැමරුම පොලොන්නරුවේදී   

2015 - ජාතික සුරක්ෂිත දින සැමරුම් උළෙල පොලොන්නරුව රාජකීය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වීම රජය තීරණය කර ඇත. 

මෙවර ජාතික සුරක්ෂිත දිනය ‘සුරක්ෂිත ශ්‍රී ලංකාවක්’ යන ප්‍රධාන තේමාව යටතේ ‘එක් වෙමු, දුරලන්න ආපදා’ යන උප තේමාව යටතේ ‍පැවැත්වෙනු ඇත. 

2006 වසරේ සිට අඛණ්ඩව සෑම වසරක ම දෙසැම්බර් 26 දින ජාතික සුරක්ෂිත දින සැමරුම් උළෙල පැවැත්වේ. 

මෙම උත්සවය මීට පෙර දී පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණු නමුත් එම ශ්‍රවණාගාරයේ වැඩ කටයුතු අපේක්ෂිත පරිදි අවසන් වී නොමැති බැවින් සැමරුම් උළෙල රාජකීය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවැත්වීමට ආපදා කළමනාකරණ අමාත්‍යංශය තීරණය කොට ඇත.

Rate this item
(0 votes)