May 04, 2024

ක්‍රිස්ටි ලෙනාඩ් දිවියෙන් සමුගනී

ප්‍රවීණ ගායන ශිල්පියකු මෙන්ම රංගන ශිල්පියකු වූ ක්‍රිස්ට් ලෙනාඩ් මහතා ඊයේ (23) මාලිගාවත්ත සිය නිවසේ දි අභාවප්‍රප්ත විය.

මියයන විට ඒ මහතා 83 වැනි වියේ පසු විය.

කුල්ලෙන් පොලා පොලා ගල්කැට අහුලලා, අම්ම කියා කියතහැකි එකම ළඳකටයි, සකල සිරින් පිරි සිරි ලංකාවේ, වැනි ජනප්‍රිය ගීත රැසක් ද ගායනා කළ ලෙනාඩ් මහතා සුන්දර බිරිඳ, වරද කාගේ ද,  වීර විජය, ධීවරයෝ ශූර චෞරයා, සුනීතා යටගිය දවස, ඔක්කොම හරි, කොහොමද වැඩේ, හොඳම වෙලාව මහ රෑ හමු වූ ස්ත්‍රිය. කළණ මිතුරෝ සහ චණ්ඩියා යන චිත්‍රපට ගණනාවකට රංගනයේ දායක විය.

ඔහු විකට රංගන ශිල්පියකු ලෙස ද සිය හැකියාවන් ඉදිරිපත් කළේය.

Rate this item
(0 votes)