May 04, 2024

සර්ප විෂට නව බෙහෙතක් පේරාදෙණියෙන් (VIDEO)

වසර 4ක් පුරා සිදුකළ පර්යේෂණවලින් අනතුරුව සර්ප විෂට ප්‍රතිවිෂ ඖෂධයක් සොයා ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමත් වී තිබේ.

එහි වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්දික ගවරම්මාන මහතා ඇතුළු පර්යේෂක කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකින් අනතුරුව මෙම ඖෂධය සොයාගෙන ඇත.

මෙතෙක් මෙරට සර්ප විෂ සඳහා ඉන්දියාවෙන් ආනයන කළ ඖෂධ භාවිත කළ අතර ඒ සඳහා අධික මුදලක් වැය වීම සිදු වුණි.

මහනුවර ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී නව ඖෂධය සම්බන්ධයෙන් අදහස් පළ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා කියා සිටියේ මෙම බෙහෙත මෙතෙක් භාවිත කළ ඖෂධවලට වඩා සිව් ගුණයක ප්‍රබලතාවකින් යුක්ත බවයි.

එසේම එමගින් රෝගියාට ඇති වන අතුරු ආබාධ 90%ක් අඩු වන බව ඔහු අවධාරණය කළේය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 24 October 2015 10:43