May 04, 2024

දඹුල්ලේ බස් රථ අනතුරකින් 35කට තුවාල

දඹුල්ල - ඉනාමලූව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 35 දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (24) අලූයම පොළොන්නරුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක්, ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. 

එම අනතුරෙන් බස් රථයේ ගමන් කරමින් සිටි මගින් 35 ක පමණ තුවාල ලබා ඉන් 25 දෙනකු දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර බව වාර්තා වේ. 

සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

Rate this item
(0 votes)