May 07, 2024

මහින්ද ඉන්නේ අපේ ස්ථාවරයේ - නියෝජ්‍ය ඇමති අජිත් කියයි 

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාත් ඉන්නේ අපේ ස්ථාවරයේ බවත් මහින්ද රාජපක්ෂත් ජිනීවා යෝජනාවට සහය දෙන බවත් ආණ්ඩුපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා මහතා පැවැසීය.

මේවන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී සභාව අමතමින් ඔහු මේ බව පැවසීය.

එම යෝජනාවෙන් කිසිම අගතියක් වෙන්නේ නැති බවත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා මේවන විට පාර්ලිමේන්තුවේ නැති බවත් ඒ නිසා මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම යෝජනාවට සහය දෙන බවත්  අජිත් පෙරේරා මහතා පැවසී ය.

අද විමල්ට සහය දෙන්න මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා නැති බවත් ඔහු පාර්ලිමේන්තුවට නොපැමිණ කල් ඇරිය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

 

Rate this item
(0 votes)