May 08, 2024

(Update-2) විමල්ගේ රට ගමනට රනිල් මැදිහත් වෙයි 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විදෙස් ගත වීමට අවසර ලබා දුන් බව අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රශ්නයක් මතු කරමින් වීමල් වීරවංශ මහතා රේගුවේ රඳවා සිටින බව සඳහන් කළේය.

අගමැතිවරයා ඊට පිළිතුරු දෙමින් පැවසූවේ අධිකරණයෙන් ඔහු රඳවාගෙන නැත්නම් රජයට ඔහු වෙනුවෙන් ඉදිරිපත් විය හැකි බවයි.

ඒ අනුව විමල් වීරවංශ මහතාට ඔහුගේ විදෙස් ගමන යෙදීමට අවසර දී ඇතැයි ද කිරිඇල්ල මහතා පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Friday, 23 October 2015 15:45