May 07, 2024

(Update-1) විමල්ගෙන් රහස් පොලිසීය ප්‍රශ්න කරයි

විදෙස් ගමන් බලපත්‍රය දෝෂයක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේවන විට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රඳවාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ප්‍රශ්න කරන බව වාර්තා වේ.

ඩුබායි හා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරාධනයෙන් දේශන මාලාවක් පැවැත්වීම සඳහා පිටත්ව යාමට අද (23) උදෑසන ගුවන්තොටුපළට පැමිණි පසු තමාගේ විදේශ ගුවන්බලපත්‍රය මීට පෙර තිබී අස්ථානගතවී තිබුණු විදේශ ගුවන් බලපත්‍රය බව දැනගන්නට ලැබුණු බවත්, ඒ අනුව වීසා ලැබී තිබුණේ අලුතින් ලබාගත් විදේශ ගුවන් බලපත්‍රයට බැවින් එය රැගෙන එන ලෙස තමා යළි පිටත්කර යැවූ බවත් විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

ඒ උපදෙස් අනුව පෙ.ව 8.30ට නව විදේශ ගුවන් බලපත්‍රය රැගෙන යළි ගුවන්තොටුපළට පැමිණි පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අලුත් නීති තර්කයක් දමා තමාගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් තමන්ගේ විදෙස් ගමන නැවැත්වීමට කටයුතු කරමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න

 

Rate this item
(0 votes)
Last modified on Friday, 23 October 2015 11:30