May 07, 2024

රට යන්න ගිය විමල්ව ආපසු හරවා එවයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා යුරෝපය වෙත යාමට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ ආගමන විගමන බලධාරින් ඔහු ආපසු හරවා එවීම ගැන පාර්ලිමේන්තුවේදී අද(23) පෙරවරුවේදී ප්‍රශ්න ක‍ර තිබේ. 

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඒ පිළිබඳ විමසූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඒ ගැන සොයා බලා පිළිතුරක් ලබාදෙන බවයි. 

කෙසේ වෙතත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ගුවන්තොටුපලෙන් හරවා එවීම ගැන තමා දැනුවත් කර නොමැති බව කථානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. 

ඔහුගේ ගමන් බලපත්‍රයේ දෝෂයක් ඇති බව පවසමින් මන්ත්‍රීවරයා ආපසු හරවා යවා ඇත. නමුත් තම නව ගමන් බලපත්‍රය රැගෙන අද උදෑසන ගුවන්තොටුපල වෙත පැමිණි අවස්ථාවේදී රහස් පොලිසිය ඔහු නවතාගෙන ප්‍රශ්න කිරීමක් සිදුකරන බව විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 23 October 2015 11:27