May 18, 2024

'ඇවන්ගාඩ් සියලු වංචාවන්ගෙන් කේන්ද්‍ර‍යයි' - කීර්ති තෙන්නකෝන්                                       

සියලු වංචාවන්ගේ කේන්ද්‍ර‍ වූ ඇවන්ගාඩ් වංචාව යට ගැසීමට උත්සහ කිරීම රටට ජාතියට ද්‍රෝහි වීමක් බවත් ඇවන්ගාඩ් හොරුන්ට නිදහස් විය හැකි නම් හොරු ඇල්ලීම පිළිබද බලාපොරොත්තුවේ අවසානය ද එයම වන බවත්  ශ්‍රි ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ සහ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්කෝන් මහතා පවසයි. 

ඊයේ (22) පස්වරුවේ කොළඹ සමාජයීය හා සාමයික කේන්ද්‍රෙය්දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය. 

එහිදී තෙන්කෝන් මහතා මෙසේද පැවසී ය.

“ගතවු වසර හත අට තුළ ඇවන්ගාඩ් වංචාව තරම් දුෂිත ගණදෙනුවක් ලංකාව තුල  සිදුවී නොමැත.  ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව නිලධාරීන් කිහිපදෙනෙකුගේ සුභ විහරණය සඳහා  සිදුකළ එම ගණුදෙනුව ගතවු කාලයේ මෙරට සිදුවු දුෂිතම ගණදෙනුවයි.

ගිණි අවි ආඥා පනත, පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත ආදී අණ පනත් උල්ලංඝණය කරමින් සිදුකර ඇති මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි තිබියදීත් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා වෙනුවට මුදල් විශුද්ධිකරණ පනත පමණක්  පරීක්ෂන පැවත්වීම සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මෙම ගණුදෙනුවේදී ගිණි අවි බලපත්‍රය පවා ලබාදීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කර නැති බවත්, එම බලපත්‍රයද වංචනික ලෙස නිකුත් කර ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. 

එම වංචනික බලපත්‍රයට අනුව ද භාවිත කිරීමට අවසර දී ඇත්තේ ගිනි අවි 87ක් පමණක් වුවද මෙම ගණුදෙනුවට මුවාවී ගිනි අවි 3000 කට වඩා භාවිත කර ඇති බවද මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් බැංකු ගිණුම් 40 කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත්, ඒ අතරතුර හදිසියේ රජයේ නීතිඥවරුන් මෙම නඩුව මුදල් විශුද්ධිකරණ පනත තුළ සඟවන්නට උත්සහ දැරීම අනුමත කළ නොහැක්කක් බවත් තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.

අසරණ ගොවියෙකුට තම භවබෝග වනසතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට බඳින තුවක්කුවක් භාවිත කිරීමට වත් අවසර නැති ගිණි අවි ආඥා පනත මෙම අති දැවැන්ත ඇවන්ගාඩ් වංචාවට බල නොපාන්නේ කේසේද? යන්න මෙරට පොදු ජනතාව ප්‍රශ්න කරමින් සිටින බව කැෆේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. 

වත්මන් රජය ජනතාව විසින් බලයට පත්කරගෙන ඇත්තේ  දුෂණ වංචා නතර කිරීම සහ ඒවායේ නිරත වුවන්ට දඬුවම් කිරීම  සඳහා බවත් රජය දැන් එම ජනවරමට පිටුපාමින් කටයුතු කිරීම යුක්තිසහගත නොවන බවත් එබැවින් මෙම මහාපරිමාණ මුල්‍ය වංචාව යට ගැසීමට එරෙහි වීමේ සැබෑ ජනතා අයිතියක් ඇති බවත් ඒ මහතා එහිදී පැවසීය.

 

Rate this item
(0 votes)