May 18, 2024

ලබන ව‍සරේ මුල් භාගයේදී ජාතික පරිසර සමුළුවක් 

ජාතික පරිසර සමුළුවක් ලබන ව‍සරේ මුල් භාගයේදී පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මන්දිරයේ ඊයේ (22) පැවති මධ්‍යම පරිසර අධිකාරිය සංවිධානය කරන පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පැවසී ය.

එහිදී ජනාධිපතිවරයා මේ බව පැවසී ය. “මම බලාපොරොත්තු වෙනවා. ලබන වසර මුල් භාගයේ ජාතික පරිසර සමුළුවක් පවත්වන්න. ඒ තුළ මේ එක් එක් ක්ෂේත්‍රවල කටයුතු කරන සෑම කෙනෙක්ම ඇගයීමට ලක්කරන්න. ඔවුන්ට ගෞරව කරන්නත් ඒවගේම දීප ව්‍යාප්ත ජාතික වැඩපිළිවෙළකට ඒ සෑම කෙනෙක්ම එක් කරගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා.“ 

පරිසර විද්‍යාඥයින්, ලේඛකයින්, සාහිත්‍යධරයින්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්, පාසල් සිසුන් ඇතුළු පරිසරයට ඇළුම් කරන සියලු දෙනාට ඊට සහභාගී විය හැකි බව ජනාධිපතිවරයා පැවසී ය.

ලබන වසරේ පවත්වන ජාතික පරිසර සමුළුවේදී පරිසරය වෙනුවෙන් කැපකිරීම් කරන සියලුදෙනා ඇගයීමට ලක් කිරීමට සහ පරිසරය රැකගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළට සියලු දෙනාගේ දායකත්වය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)