May 18, 2024

2016 විසර්ජන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට

පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමත කරගන්නා ලද 2016 අයවැය සඳහා වන පාර්ලිමේන්තු වැඩසටහන නැවත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ඊයේ (21) රැස්වූ කැබිනට් රැස්වීමේ දී තීරණය  කර ඇත. 

ඒ අනුව 2016 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම (පළමුවර කියවීම) හෙට (23) සිදු කෙරෙන අතර අයවැය කථාව (විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම) ඉදිරිපත් කිරීම නොවැම්බර් 20දා සිදු කෙරේ. 

නොවැම්බර් 21 දින සිට දින 12ක කාලයක් දෙවන වර කියවීමේ විවාදය සඳහා වෙන් කොට ඇති අතර දෙවන වර කියවීමේ ඡන්දය විමසීම දෙසැම්බර් 05දා සිදු කෙරෙනු ඇත. 

කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා දෙසැම්බර් 07දා සිට දින 12ක කාලයක් වෙන් කර ඇති අතර තෙවන වර කියවීමේ ඡන්දය විමසීම දෙසැම්බර් 19දා සිදු කෙරෙනු ඇත. 

පසුගිය කැබිනට් රැස්වීමේ දී 2016 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම (පළමුවර කියවීම) හෙට (23) යොදා තිබුණු අතර අයවැය කථාව (විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම)නොවැම්බර් 20දාට යොදා තිබුණි. 

දෙවනවර කියවීමේ විවාදය සඳහා දින 14ක් වෙන් කර තිබුණු අතර දෙවනවර කියවීමේ ඡන්දය විමසීම දෙසැම්බර් 08දාට යොදා තිබුණි. 

කාරක සභා අවස්ථා විවාදය සඳහා ද දින 12ක කාලයක් වෙන් කොට තිබුණු අතර අයවැය තෙවනවර කියවීම (ඡන්ද විමසීම) දෙසැම්බර් 22දාට යොදා තිබුණි.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 October 2015 17:27