May 18, 2024

ඌවේ නව ඇමතිවරු දිවුරුම් දෙයි

ඌව පළාත් සභාව සදහා නව අමාත්‍යවරු සිව්දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ මහතාගේද සහභාගිත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි දිවුරුම් දුන්හ.

ඒ අනුව ඌව පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, විදුලි බල හා බලශක්ති, ඉදිකිරීම්, ග්‍රාමීය යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාද, ඌව පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු, සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස ආර්.එම්. කුමාරසිරි රත්නායක මහතා පත් කර තිබේ.

ඌව පළාත් මාර්ග සංවර්ධන, නිවාස, ජල සම්පාදන, වතු යටිතල පහසුකම් සහ සමුපකාර අමාත්‍යවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමන් මහතාද, ඌව පළාත් කී්‍රඩා හා යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික, පේෂකර්මාන්ත සහ කුඩා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සාලිය සුමේධ ද සිල්වා මහතාද දිවුරුම් දෙනු ලැබීය.

නව අමාත්‍යවරු දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

Rate this item
(0 votes)