May 04, 2024

හේතුවක් නැතුව ඉරණවිල කලපුවේ මසුන් මියගිහින් (VIDEO)

හලාවත – ඉරණවිල කළපුවේ සහ මාදම්පේ කඩුපිටිඔයේ මසුන් විශාල වශයෙන් මිය යන්නට පටන් ගෙන ඇති බව ප්‍රදේශයේ ධීවරයෝ පවසති.

පෙරේදා සවස් වන විට කඩුපිටිඔයේ මසුන් මිය යන්නට පටන් ගෙන තිබූ අතර ඊයේ දහවල් වන විට ඉරණවිල කළපුවේ ද මසුන් මිය යන්නට පටන් ගෙන තිබේ.

කිසියම් කර්මන්ත ශාලාවකින් පිට කරන ලද අපද්‍රව්‍යයක් කඩුපිටිඔයට එක්වීම මෙම තත්ත්වයට හේතුව වන්නට ඇති බවට තමන් විශ්වාස කරන්නේ යැයි ධීවර නිලධාරීන් සදහන් කර ඇති අතර කඩුපිටිඔයේ ජලය කළපුවට ගලා එන නිසා කඩුපිටිඔයේ මෙන්ම කළපුවේද මසුන් මිය යාමට පටන් ගෙන ඇතැයි විශ්වාස කරන බවද ධීවර නිලධාරීන් වැඩිදුරටත් සදහන් කරයි.

මිය යන මසුන් කළපු සහ කඩුපිටිඔය ඉව්රට ගොඩ ගැසීම නිසා මෙන්ම මිය ගොස් ඇති මාළුන්ව පක්ෂීන් විසින් රැගෙන යාම හේතුවෙන් ප්‍රදේශය තුළ පාරිසරික ගැටළුවක්ද මේ වන විටත් මතු වන්නට පටන් ගෙන ඇත.

Rate this item
(0 votes)