May 03, 2024

මත්තලින් වී ඉවත් කෙරේ

මත්තල ගුවන් තොටුපළේ ගබඩා කර ඇති වී තොග හිස්‌ කර වහාම යළි එම ගබඩාව ගුවන් තොටුපළ සමාගම වෙත භාර දීමට තීරණය කළ බව වී අලෙවි මණ්‌ඩලයේ සභාපති එම්. බී. දිසානායක මහතා පවසා තිබේ.

එමෙන්ම යල කන්නයේ ගොවීන්ගෙන් මිලදී ගත් වී මෙට්‍රි‍ක්‌ ටොන් පන්දහසක්‌ මත්තල ගුවන් තොටුපළේ හිස්‌ ගොඩනැගිල්ලක තැන්පත් කර ඇතැයි ද සභාපතිවරයා කියා ඇත.

තාවකාලික පදනමක්‌ මත මත්තල ගුවන් තොටුපළේ හිස්‌ ගොඩනැගිල්ලක වී තොග ගබඩා කර ඇති බව ද, එම වී තොග අලෙවි කළ වහාම යළි එම ගොඩනැගිල්ල ලබාදීමට කටයුතු කරන බව ද එම්. බී. දිසානායක මහතා සඳහන් කර ඇති අතර මේ වන විට යල සහ මහ කන්නයේ වී අලෙවි කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව කී සභාපතිවරයා ඉදිරි දින කිහිපය තුළ මත්තල වී තොග අලෙවි කර ගැනීමට හැකිවනු ඇතැයි ද පැවසීය.

වී තොග ගබඩා කළ ගොඩනැගිල්ල හිස්‌ ගොඩනැගිල්ලක්‌ බව ද, එයට යම් හානියක්‌ සිදු වී ඇත්නම් නම් ඊට අවශ්‍ය පියවර ගන්නා බව ද සභාපතිවරයා පෙන්වා දී තිබේ.

Rate this item
(0 votes)