May 04, 2024

ආනන්දසංගරීගෙන් ජනපතිට ලිපියක්

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද(22) පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික හමුවට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට ආරාධනා කර නොමැති බව එම පක්ෂයේ මහලේකම් වී. ආනන්දසංගරී මහතා පවසයි.

දේශපාලන පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා සංවිධාන කිරීමේදී රජය අනුගමනය කරන ස්ථාවරයන් පිළිබඳව තමන් කණගාටු වන බව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දෙයි.

මෙරට පැරණිතම පක්ෂයක් වන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට දිගටම සිදුවන අසාධරණය පිළිබඳව අවධානය යොමුකරන ලෙස ද ආනන්දසංගරී මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ, සියලු දේශපාලන පක්ෂවලට අද දිනයේ ආරාධනා කර ඇතැයි මාධ්‍යයෙන් දැනගත් නමුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින්ට පමණක් ඊට ආරාධනා ලැබි ඇති බව පසුව දැනගත් බව ය.

කලක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 18 ක් නියෝජනය කළ තම පක්ෂය 2004 වසරේ සිට සැලසුම් සහගතව පරාජයට පත් කර ඇති බව ද ආනන්දසංගරී මහතා ජනාධිපතිවරයා වෙත යැවු ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

Rate this item
(0 votes)