May 03, 2024

හෙට සවස ගිගුරුම් සහිත වැසි

දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෙසු බොහෝ ප්‍රදේශවල අද (21) රාත්‍රී කාලයේ සහ හෙට (22) පස්වරු 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවන බව අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඇතැම් ස්ථානවලට තරමක් තද වැසි (මි.මී. 75 ට වැඩි) ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

Rate this item
(0 votes)