May 04, 2024

රංගන හේරත්ට උපනායකත්වය

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග හෙට (22) පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වයට රංගන හේරත් පත් කර තිබේ.

ඒ අනුව ළහිරු තිරිමාන්නට කණ්ඩායමේ ස්ථානය අහිමි වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

ඔහු වෙනුවට නවක ක්‍රීඩක කුසල් මෙන්ඩිස් තරගයට කැඳවන බවත් මැතිව්ස් සඳහන් කළේ ය.

එසේම තරිඳු කෞෂාල්ද හෙට තරගයෙන් විවෙක ගන්වා තිබෙන අතර ඒ වෙනුවට දිල්රුවන් පෙරේරා කණ්ඩායමට කැඳ වූ බවත් ඇන්ජලෝ මැතිව්ස් අද (21) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවේ දී පැවැසීය. 

 

Rate this item
(0 votes)