May 03, 2024

ගල් විහාරයේ සැතපෙන පිළිමයෙන් ද්‍රාවණයක් පිටවෙයි

දින කිහිපයක සිට පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමයෙන් ද්‍රාවණයක් සහිත කුඩු විශේෂයක් පිටවන බව සොළොස්මස්ථානාධිපති, ගල් විහාරාධිපති වේඬරුවාවේ උපාලි හිමි පවසයි.

එම පිළිමය තුළට කඩි ඇතුළුවන බවත් එය දිරාපත් වී ඇද්ද යන්න සොයා බැලීමට බලධාරීන් අවධානය යොමු නොකරන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.

පොළොන්නරුව - සමීර ධනංජය

Rate this item
(0 votes)