May 04, 2024

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිධූරය ධර්මසේන දිසානායකට 

රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා ද මේවන විට සාමාජිකයින් පත්කර තිබේ.

ඒ අනුව සභාපතිවරයා ලෙස ධර්මසේන දිසානායක මහතා පත්කර ඇති අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස අබ්දුල් සලාම්, ආචාර්ය ප්‍රතාප් රාමමුජම්, වී.ජෙගරාජසිංහම්, නිහාල් සෙනවිරත්න, එස්.රනුග්ගේ, ඩි.එල්.මෙන්ඩිස්, සරත් ජයතිලක, ධාරා විජේතිලක යන මහත්ම මහත්මීන් පත් කර ඇත.

ව්‍යවස්ථාදායක සභාව විසින් නම් කර යැවූ නිර්දේශවලට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව මෙම පත්කිරීම් සිදුකර ඇත.

මේ අතර ඊයේ(20) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව   සඳහා ද නව සාමාජිකයින් පත් කළේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 October 2015 14:56